― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsබේරුවල මුහුදේ සැරිසරන කිඹුලා

බේරුවල මුහුදේ සැරිසරන කිඹුලා

බේරුවල, මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ ගැට කිඹුලෙක් සැරිසරන බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසීහූ පවසන්නේ දින ගණනාවක සිට මෙම ගැට කිඹුලා මුහුදු වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ඔවුන් දුටු බවයි.

එම කිඹුලා ඊයේ දිනයේ ද වෙරළ ආසන්නයේ සැරිසරා ඇති අතර මේ හේතුවෙන් ධීවරයින්ද තරමක භීතියෙන් පසුවන බවත් ප්‍රදේශයේ ජනතාව මුහුදු වෙරළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් අප වාර්තාකරු පැවසීය.

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා සම්බන්ධයෙන් දිගින් දිගටම හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.