ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් ඒ අනුව ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17) රැස්වීමට නියමිතය.