― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldබයිඩ්න්ගේ ආසියානු සංචාරය අවලංගු වන ලකුණු

බයිඩ්න්ගේ ආසියානු සංචාරය අවලංගු වන ලකුණු

අමෙරිකාවේ ණය ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා එරට ජනාධිපති ජෝ බයිඩන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එහිදී රාජ්‍ය වියදම් සීමා කිරීම පිළිබඳව එකඟතා රැසකට පැමිණි බවයි වාර්තා වන්නේ. එම එකඟතා අතර අමෙරිකානු ජනාධිපතිගේ ආසියානු නිල සංචාරය ද අවලංගු කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් මේ වනවිට බලපැවැත්වෙන ණය ලබා ගැනීමේ සීමාව ඉහළ දැමීම පිළිබඳව නිශ්චිත එකඟතාවයකට නොපැමිණි බවත් මෙම සති අන්තයට පෙර ඒ පිළිබඳව අවසන් තීරණයකට පැම්ණෙන බවත් කතානායක කෙවින් මැකාති පැවසීය.

ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, තමන් කිසිවිටකත් එරට බංකොලොත්භාවයට පත් කිරීමට කටයුතු නොකරන බවයි.