― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldමියන්මාරයේ 81ක් බිලි ගත් මෝඛා

මියන්මාරයේ 81ක් බිලි ගත් මෝඛා

මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ පුද්ගලයින් 81 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර අනතුරුවලින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට රජය පවසන්නේ.

සුළි කුණාටුවෙන් එරට සන්නිවේදන කටයුතු වලටද බලපෑම් එල්ල වී ඇති අතර
තාවකාලික වාසස්ථාන රැසක්ද විනාශ වී තිබේ.

ගෙවුණු වසර 10ක කාලය තුළ එරට ගොඩබිමට පැමිණි ප්‍රබලතම කුණාටුව මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.