අමාත්‍යාංශ ගණන 30කට සීමා කර ගන්නා බවත් ලබන වසර අවසන් වනවිට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්තය එක අමාත්‍යාංශයක් යටතට ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහය ලබා දිය යුතු බවයි.
එමෙන්ම රටේ ආර්ථිකය බංකොලොත් වීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක්ම වගකිව යුතු බව පසුගිය කාලයේදී අමාත්‍යාංශවලට යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදුන්නද ජනතා මුදල් අපතේ යාම පමණක් සිදුව ඇති බවත් ජනාධිපතිවරයා චෝදනා කළේය.
රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව එහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු බවත්ය.