26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර ඇසීමට ගිය දරුවෙකුට සේවකයින් කළ කැත වැඩේ

පාර ඇසීමට ගිය දරුවෙකුට සේවකයින් කළ කැත වැඩේ

යන්තම්පලාව නගරයේදී වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පොලීසිය පවසයි.

මෙම දරුවා කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිට සිය මස්සිනා බැලීම සදහා කුරුණෑගල රෝහලට පැමිණ ඇති අතර ආපසු නිවෙස බලා යාමට උත්සහ කිරීමේදී නොදැනුවත්කම හේතුවෙන් වැරදි බස් රථයකට ගොඩ වී තිබේ.

එහිදී නැවත කුරුණෑගලට යන ආකාරය විමසීමට අසල වූ ලීසිං සමාගමකට මෙම දරුවා ගොස් ඇති අතර එහි සේවය කළ සේවකයින් තිදෙනෙකු විසින් මෙම දරුවාව බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මේ පිළිබඳව අනාවරණය වීමත් සමග ප්‍රදේශයේ තරුණයින් විසින් අදාළ ලිසින් සමාගම වටකරමින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබේ.

කෙසේනමුත් ඒ වනවිටත් මෙම සැකකරුවන් තිදෙනා එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.