විශාල පිරිසක් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමෙන් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවට දින තුනක සිට පෝලිම් සහිත දැඩි තදබදයක් පවතින බව වාර්තා වෙයි.
දින වේලාවන් වෙන්කරගත් පිළිවෙළට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අත්හිටුවීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබේ.
මේ හේතුවෙන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට පැමිණෙන පිරිස්වලට ඒ වෙනුවෙන් දින තුනක කාලයක් පෝලිමේ රැඳී සිටීමට සිදුව ඇති අතර පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සතියේ සිට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අත්හිටුවනු ලැබීය.
මේ හේතුවෙන් ගුවන් ගමන් බලපත්‍ර පෝලිම් ක්‍රමයට අනුව සීමා සහිතව දෛනිකව නිකුත් කිරීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.