20.2 C
London
Thursday, September 28, 2023

එක්ස්ප්‍රස් පර්ල් හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අදාළ නෞකා සමාගම් වලින් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබෙනවා.

වන අරණ පදනම ඇතුළු පාර්ශව හතරක් විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. එහි වගඋත්තරකරුවන් ලෙස ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 8ක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නෞකාව කොළඹට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වීම නිසා එම නෞකාවේ තිබූ ඉන්ධන ජලයට මුසු වීම තුළින් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක්ද මෙරටට සිදු වී ඇති බවයි.

අදාළ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම තුළින් විශාල සාගර දූෂණයක් සිදු වූ අතර එම රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීම හරහා වායු දූෂණය වීමක්ද සිදු වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවයි පෙත්සමේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු වූ මෙම අනතුර නිසා අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට අදාළ නෞකා සමාගම් බැඳී සිටින බවත් පෙත්සමේ සඳහන්. ඒ අනුව අදාළ නෞකා අතුරෙන් සිදු වූ අගතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික (6,483,416,430.49) වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන නියෝග නිකුත් කළ ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Latest

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල...

නිපා වෛරසය දරුවන්ට මාරාන්තිකයි

ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයන් විසින් නිපා වෛරසය දරුවන් අතර බොහෝ...

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්...

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උණ්ඩ සමඟ අතුරුදහන්

කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග පෙරේදා...

Don't miss

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

කළුතර 08 දෙනෙක්ටමරණ දණ්ඩනය

කළුතර මහාධිකරණය විසින් අද (27) දිනයේදී 08 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ. තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට මෙම දඬුවම ලබා දී...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණ අභ්‍යාසලාභීන් සඳහා බඳවා ගැනීම් නිවේදනය කර ඇත. පුරප්පාඩුව සඳහා වයස අවුරුදු 30 ට අඩු තරුණ තරුණියන්ට අයදුම් කළ හැකිය. ශ්‍රී...

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක්

සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදාහැර මුදල් ඉපැයීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ. පොලිසිය සඳහන් කළේ අළුබෝමුල්ල, අරුක්ගොඩ පදිංචි සචිනි ඉමල්කා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here