28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඩුවෙලට පැය 10ක ජල කප්පාදුවක්

කඩුවෙලට පැය 10ක ජල කප්පාදුවක්

කඩුවෙල, මහරගම අවට ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කෙරෙන අතර ඒ අනුව අද (19) රාත්‍රී 10 සිට සෙනසුරාදා (20) උදෑසන 8.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 4,5,7,8 ප්‍රදේශ වලට මෙලෙස ජල කප්පාදුව සිදුකෙරෙනු ඇත.