ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව චීනය විසින් 2023 වසරේ පළමු කාර්තුවේ මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති අතර ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.
ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ වාසියට හේතුවී ඇති බවයි විචාරකයින් පවසන්නේ.
පෙර වසරවලට සාපේක්ෂව 2022 වසරේදී චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය සියයට 90කින් වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.