26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුට එරෙහි නඩු විභාගය කල් යයි

දේශබන්දුට එරෙහි නඩු විභාගය කල් යයි

අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (19) අභියාචනාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අදාළ පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවයි.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 22 වනදා දක්වා කල් තැබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් වරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබෙන බව දන්වා සිටියා.

එම මෝසම ප්‍රතික්ෂේප කළ බවත් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා.