27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ අත්අඩංගුවට

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

එලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම උද්ඝෝෂණය අතරතුර අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අටදෙනකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර හිමිනමක් ද සිටින බවයි වාර්තා වුණේ. ඔවුන් රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර එම පිරිස අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.