30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldG7 සමුළුව අද ඇරඹෙයි

G7 සමුළුව අද ඇරඹෙයි

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් 7 හෙවත් G7 රටවල රාජ්‍ය නායක සමුළුව අදින් (19) ආරම්භ වෙයි.

ජපානයේ හිරෝෂිමා නුවරදී මෙවර සමුළුව පැවැත්වෙන අතර ජපානය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එහි සාමාජිකයින්ය.

ලොව දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එම රටවල් නියෝජනය කරනු ලබන අතර සාමාජික රටවලට අමතරව මෙවර සමුළුව සඳහා රටවල් 8කට ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කොමරෝස් සහ කුක් දූපත් එලෙස ආරාධනා කළ රටවල් අතරට අයත්ය.

මෙවර සමුළුවේදී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතය.