27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 ත් 400 ත් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉදිරියේදී මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ.

වසංගත තත්ත්වය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතුව ඇති බවද ඔහු පැවසුවා.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට ‌ඩෙංගු රෝගී දරුවන් 43 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

සිකුරාදා දිනය සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ.