9.6 C
London
Tuesday, May 30, 2023

කොළඹ සරසවියේ කාන්තා වැසිකිලියකට රිංගූ අයෙක් රිමාන්ඩ්

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.

සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී එහි කාන්තා වැසිකිලියට අනවසරයෙන් ගොස් එහි දොරගුලු කඩා මෙම සොරකම සිදුකර ඇත.

සැකකරු එම ස්ථානයට ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු අනුරාධපුර 3වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික නමැති 27 හැවිරිදි තරුණයෙකි.

Latest

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට...

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ...

වයඹ පළාතේ ගවයින් මසට ගැනීමත් තහනම්

වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීමද තහනම් කර...

Don't miss

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

අලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර 02ක වෙනසක්...

රනිල් කියන්නේ ජාතිය බේරාගත් පියා – රංගේ බණ්ඩාර

ඩී.එස්.සේනානායක 'ජාතියේ පියා' නම් රනිල් වික්‍රමසිංහ 'ජාතිය බේරාගත් පියා'...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here