― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsපිටකොටුවේ අපිරිසිදු හෝටල් 05ක් වැසෙයි

පිටකොටුවේ අපිරිසිදු හෝටල් 05ක් වැසෙයි

පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී ඔවුන් විසින් දැඩි ලෙස අපිරිසිදු හෝටල් 05ක් සොයාගෙන තිබේ.

මෙලෙස වසා දමන ලෙසට අධිකරණය නියෝග කර ඇත්තේ එම අපිරිසිදු හෝටල් 05යි.

කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඛ් ඇ අබේරත්න, කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්‍රමරත්න ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.