11.7 C
London
Friday, June 9, 2023

ෆේස්බුක් පෙම්වතා ජනප්‍රිය නිළියකගේ ලක්ෂ 65කට විදලා

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ අයෙකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා (19) නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකු ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නවලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් වුණා.

සැකකරුව මහර බන්ධනාගාරය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුවෙක්.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවනු ලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන 23 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා. සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් පළමුව ගොඩනඟා ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

පසුව පැමිණිලිකාරියගේ නිවසට සැකකරු කිහිප වතාවක්ම පැමිණ ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා. දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන්ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත් එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55ක මුදලක් ද, ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් ස රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් ද මෙම සැකකරුව එම අධිකරණයන් මඟින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සදහන් වුණා.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබේ. අද (08) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ වන...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට (09) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල්...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here