29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ එට්නා (Etna) ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන කැටානියා (Catania) වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සාමාන්‍ය ආරක්‍ෂිත තත්ත්වයන් සහතික කරන තෙක් අත්හිටුවන බවයි ගුවන්තොටුපොළ සඳහන් කරන්නේ.

අසල පිහිටි එට්නා කන්දෙන් පුපුරා යාමෙන් එහි ධාවන පථවලට ගිනිකඳු අළු පැතිර තිබීම හේතුවෙනුයි රෝමය, නැගෙනහිර සිසිලියානු නගරයක් (Sicilian city) වන කැටානියා (Catania) ගුවන් ගමන් නතර කර ඇත්තේ.

මීටර් 3,330 උස ගිනි කන්ද වසරකට කිහිප වතාවක් සක්‍රීය වන අතර මධ්‍යධරණී දූපතට ඉහළින් ලාවා සහ අළු ඉහළට යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.