30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැස්බෑ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

කැස්බෑ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑවන් සිව් දෙනෙක් මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙක් සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කළ බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කීය.

සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

නාවික හමුදාව එම සැකකරුවන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට භාර දී තිබෙනවා.