27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිරාන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක්

ටිරාන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක්

තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ.