28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු අමෙරිකානු රටක පාසැලක ගින්නක්

දකුණු අමෙරිකානු රටක පාසැලක ගින්නක්

දකුණු අමෙරිකාවේ උතුරු අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි රටක් වන Guyanaවේ පාසැලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් දරුවන් 20ක් පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් පවසන්නේ මධ්‍යම Guyanaවේ Mahdiaහි ඇති වූ මෙම ගින්නෙන් තවත් බොහෝ දරුවන් මියගොස් ඇතැයි සැකයක් පවතින බවයි.

ගින්නෙන් එම පාසැලේ නේවාසිකාගාරයද ගිනි ගෙන ඇති අතර එහි සිසුන් සිරවී සිටි බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට හදිසි සේවා අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බරපතල ලෙස තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජෝර්ජ්ටවුන් අගනුවර හදිසි මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර Guyanaවේ ජනාධිපති ඉර්ෆාන් අලි මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර ඇත.