28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෝදි අද පැපුවා නිව්ගිනියාවට

මෝදි අද පැපුවා නිව්ගිනියාවට

ඉන්දිය පැසිෆික් දූපත් සහයෝගිතා සමුළුව අද (22) පැපුවා නිව්ගිනියාවේදී ආරම්භ වීමට නියමිතය.

මෙවර පැපුවා නිව්ගිනියාව සහ ඉන්දියාව එම සමුළුවේ සම සභාපතිත්වය දරනු ලබන අතර ඊට සහභාගී වීම් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද අද (22) පැපුවා නිව්ගිනියාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

G7 සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ රැඳී සිටි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පැපුවා නිව්ගිනියාවට පැමිණෙන අතර ඉන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.