― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසමාව ගත්තට පරීක්ෂණ නවතන්නේ නැහැ - ටිරාන් අලස්

සමාව ගත්තට පරීක්ෂණ නවතන්නේ නැහැ – ටිරාන් අලස්

කිසියම් පුද්ගලයෙක් වරදක් සිදුකර සමාව ගත්තද, එම වරද සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පහසුවෙන් අතහැර දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන පරිදි ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (22) දිනයේ මෙරටට පැමිණෙන බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

මේ වනවිට විදෙස්ගතව සිටින ඔහු ඊයේ (21) මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් මේ බව සඳහන් කළා. මේ අතර තම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට සිදු වූ හිත්රිදවීම සම්බන්ධයන් තමා සමාව අයැද සිටින බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිදුකළ ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගියදා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය නිකුත් කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.