28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණියකට හදි කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

තරුණියකට හදි කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් තුළදී 27 හැවිරිදි තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර පොලිස් නිලධාරියාගේ අසනීප තත්ත්වයෙන් පසුවන මවට සාත්තු කිරීම සඳහා පැමිණෙන කාන්තාවගේ දියණියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරුණියගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇත්තේ, නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමාට විරුද්ධව මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

අතවරයට පත් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.