25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනය වෙත ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට සාකච්ඡා

චීනය වෙත ගුවන් ගමන් වාර වැඩි කර ගැනීමට සාකච්ඡා

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22) චීනයේ බීජිං හි දී ශ්‍රි ලංකා මහකොමසාරිස් පාලිත කොහොන මහතා සහ චීනයේ සංචාරක කර්මාන්තයේ නියැලෙන නියෝජිත පිරිස් හමු විය.

පසුව ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ද හමු වී අමාත්‍යවරයා ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කර තිබේ.

මේ සාකච්ඡාවල සාර්ථකත්වය මත දැනට සතියට 11ත් 14ත් අතර පවතින සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව කෝවීඩ් ගෝලීය වසංගත තත්ත්වයට පෙර පැවති අයුරින් සතියට ගුවන් ගමන් වාර 27ක් දක්වා වූ ප්‍රමාණය තෙක් වර්ධනය කරගැනීමට අවශ්‍ය වටාපිටාව නිර්මාණය කරගැනීමට අපේක්ෂා කෙරේ.

තවත් දින කිහිපයක් ශ්‍රි ලංකා දූත පිරිස චීනයේ නගර කිහිපයක සංචාරය කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන කටයුතුවල නියැලීමට නියමිතය.