23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtබ්‍රිතාන්‍ය නළු රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය නළු රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය සිනමා නළු රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියයන විට ඔහු 59 වන වියේ පසුවුණා.

1964 වසරේ මැයි මස 24 වනදා උපත ලබා ඇති රේ ස්ටීවන්සන්ගේ 60 වන ජන්ම දිනය තවත් දිනකින් එළඹීම විශේෂත්වයක්. ඉතාලියේ ඉෂියා දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් ඇනා රිසෝලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

තෝර් සහ ස්ටාර් වොර්ස් චිත්‍රපට මාලාවෙන් ඔහු ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වූ චරිතයක් වුණා.