28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ නිවස තුල ගංජා පැළ තොගයක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ නිවස තුල ගංජා පැළ තොගයක්

රත්නපුර ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ නිවස තුල මල් පොච්චි තුල වගාකර තිබු අඩි තුනක් පමණ උස ගංජා ගස් විසිපහක් ඊයේ (22) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් ගොඩකවෙල පොලිසිය පවසයි.

ගොඩකවෙල පොලිසියට ලද තොරතුරක් මත එම නිවස පරික්ෂාවට ලක් කල අවශ්ථාවේ නිවසේ ආලින්දයේ තබා තිබු බුදුන් වහන්සේ අසන්නයේ සහ නානා කාමර තුල ඇතුළු නිවසේ ස්ථාන කිපයක තිබි අඩි තුනක් පමණ උස ගංජා ගස් විසි පහක් පමණ සොයා ගත් බව පොලිසිය පවසයි. එම අවශ්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිවසේ නොසිටි ඇති අතර ඔහුගේ බිරිදගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දින ඇඹිලිපිටිය අධිකරණයට සැකකරු සහ ගංජා ගස් ඉදිරිපත් කිරිමෙන් පසු එහි මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පිරිස් මහතා විසින් සැකකරු විසින් වරද පිළි ගැනිම මත රුපියල් හය දහසක (6000) දඩයක් නියම කර නිදහස් කර තිබේ.