― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsනීතිවිරෝධීව රත්තරන් ගෙනා අලි සබ්‍රි රහීම් නිදහස්

නීතිවිරෝධීව රත්තරන් ගෙනා අලි සබ්‍රි රහීම් නිදහස්

නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91 ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සොයා ගනු ලැබුවා.

ඔහුට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබෙනවා. සොයාගත් භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබෙනවා. නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් රැගෙන ආ ජංගම දුරකථන 91 හි වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.