27.8 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි - දුම්රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි – දුම්රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මහව, දඹුව කට්ටාඹුවාව මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (23) උදෑසන යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කට්ටාඹුවාව දෙසට ධාවනය වූ යතුරුපැදිය දුම්රිය හරස් මාර්ගය දෙසට ධාවනය කිරීමේදී මහව දෙස සිට මඩකළපුව දෙසට ධාවනය වූ දුම්රිය දැකීමෙන් යතුරුපැදිය නතර කර ගැනීමට පැදිකරු උත්සාහ කර ඇති අතර එහිදී යතුරුපැදිකරුට පාලනය කර ගත නොහැකිව යතුරුපැදිය දුම්රිය මාර්ගයේ පෙරළීමෙන් එම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකාරිය තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 50 හැවිරිදි උණගහයාය, කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.