― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsතවත් ගෘහ සේවිකාවක් මහල් නිවාසයකින් ඇදවැටී ජීවිතක්ෂයට

තවත් ගෘහ සේවිකාවක් මහල් නිවාසයකින් ඇදවැටී ජීවිතක්ෂයට

මැලේසියාවේ ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවැනි මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල – කොබෙයිගනේ අරලු‍ගස්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඇගේ සැමියා චෝදනා කරන්නේ මෙම මරණය සැක සහිත බවයි.

මෙලෙස ජීවිතක්ෂයට ලක් වූ කාන්තාව පසුගිය 23 වැනිදා තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාළ නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි බවත් තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවත්ය.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා සංචාරක වීසා බලපත්‍රයක් මත මාලබේ ප්‍රදේශයේ පදිංචි ඇයගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ඇය විදේශගතව තිබුණි.