18 C
London
Friday, June 2, 2023

ලංගම ගැටලු රැසක් හෙළිවෙයි

බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතු අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ට බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නැවත කැඳවීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම අධිකාරිය සිය වගකීම නිසිපරිදි ඉටු නොකිරීම පිළිබඳවද කමිටුව දැඩි අප්‍රසාදය පළ කළා. බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතුවල අවසන් තීරණයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව ලබන පාර්ලිමේන්තු සතියේ කැඳවන බවයි බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර පෙරේදා (23) ප්‍රකාශ කළේ.

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ, ඊළග ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය වුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ බස් අංගනයක් ඉදිරිකිරීම සඳහා මීට පෙර මෙම කාරක සභාවට කැදවා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවිම පිළිබදව එම අධිකාරියට කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.

එසේම බත්තරමුල්ල නගර සැලැස්ම තුළ බත්තරමුල්ල හන්දියට නුදුරු පොළ පිහිටි භූමියේ ඉඩමක් පිහිටිය ද මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

එම භූමිය බත්තරමුල්ල මංසන්ධියට නුදුරින් පිහිටීම හේතුවෙන් මාර්ග තදබදය ඇතුළු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බවයි මෙහිදී එම නිලධාරින් පෙන්වා දුන්නේ. එසේම මෙහිදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ 2021 වාර්ෂික වාර්තාවෙන් පැන නගින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වුණා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක් ද සාකච්ඡාවට ලක්වූ අතර 2021 වසරේ මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 3059ක් බවටයි හෙළිවී ඇත්තේ. එමෙන්ම 2022 වසරේ ලාභය රුපියල් මිලියන 485 ක් බව සඳහන්. රියදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින අතර විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක් බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ඩිපෝ කලමනාකරුවන් බවට පත්ව ඇති බවත් ගණකාධිකරණ, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවක තනතුරුවල ගැටලු රැසක් පවතින බව ද මෙහිදී හෙළි වුණා. මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නැති ඇතැම් වෘත්තීය සමිති නායකයන් ඩිපෝ කළමනාකාරීත්වය ඇතුළු ඉහල තනතුරුවලට පත්වන බැවින් දේශපාලන අතපෙවීම්වලින් මුදවා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රුපියල් මිලියන 3059ක් අලාභ ලැබුවද 2022 වසරේ මණ්ඩලය රුපියල් මිලියන 485ක ලාභයක් වාර්තා කළ බවද මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළා. වත්මන් ගැටලු අතර රියදුරු හා කොන්දොස්තර හිඟය ප්‍රධාන බවයි මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ. දැනට 26561ක සමස්ත සේවක පිරිසක් සිටින අතර රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800ක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා. ඒ අනුව රජයේ අනුමතිය මත මෙම බදවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

එසේම විවිධ විෂමාචාර ක්‍රියා සදහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් දිවයින පුරා ඩිපෝ 107ක 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී අනාවරණය වුණා. පරීක්ෂණ අවසන් කරන තුරු ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. ආයතනයේ වැ‍ටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බවයි නිලධාරීන් සඳහන් කළේ.

වැටුප් සංශෝධන පිළිබදව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති නාලක කෝට්ටේගොඩ නියෝග කළා. එසේම ඉන්ධන භාවිතය සහ කළමනාකරණය පිළිබද දළ වාර්තාවක් ද කමිටුවට ලබා දෙන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here