― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලි සබ්රිගේ මන්ත්‍රී ධුරයට ගැටලුවක් නෑ - කථානායක

අලි සබ්රිගේ මන්ත්‍රී ධුරයට ගැටලුවක් නෑ – කථානායක

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවත් ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඔහුගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුවක් ලබාගන්නේ නම් පමණක් එය ක්‍රියාත්මක කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කථානායකවරයා මේ බව පවසා ඇත්තේ පුවත්පතක් විසින් කළ විමසීමක පිළිතුරු ලබාදෙමිනි.

නීතියේ කොහේවත් මන්ත්‍රී ධුරය දරන්න බෑ කියලා නෑ. මේකට විරුද්ධව කවුරුහරි උසාවියට ගිහින් ඔප්පු කරන්න ඕන. ඊට පස්සේ මේ ගැන උසාවියෙන් නියෝගයක් ගන්න ඕන. ඒ අනුව උසාවිය ලබාදෙන තීරණ මට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් එක මේක උසාවියකින් දඩ ගහලා නෙවෙයිනේ. ඉතින් ඒකට විරුද්ධව දැන් කවුරු හරි උසාවි යන්න ඕන.”