27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම් හිටිහැටියේ පහළට

බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම් හිටිහැටියේ පහළට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පහළ වැටීම ඔහුගේ වත්කම දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වීමට හේතු වී තිබේ.

ඇමෙරිකානු ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම පහල යනු ඇතැයි මතයක් නිර්මාණය වීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පෙරේදා (23) සියයට 5කින් පහළ වැටී ඇති අතර එය වසරක් තුළ එම සමාගමේ කොටස් අගය පහල වැටුණු වැඩිම ප්‍රතිශතය ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන ඉලෝන් මස්ක් සහ ඔහු අතර ඇති වත්කමේ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4කි.