27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු දුම්රිය ගැන දැනුම්දීමක්

උතුරු දුම්රිය ගැන දැනුම්දීමක්

ජූලි 15 වැනිදා වනවිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතය.

මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණයි.

අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට මේ වන විට සැළසුම් කර ඇති අතර මහව – ඕමන්තේ දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂක අශෝක මුණසිංහ පැවසුවේ ඒ අනුව කොළඹ සිට යළිත් වරක් කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.