― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldචීනය අමෙරිකාවේ ඔත්තු බලන බවට හෙළිදරව්වක්

චීනය අමෙරිකාවේ ඔත්තු බලන බවට හෙළිදරව්වක්

රාජ්‍ය සහය ලබන චීන හැකර්වරුන් කණ්ඩායමක් අමෙරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් සපයන ආයතන රැසක ඔත්තු බලමින් සිටින බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමිනුයි විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ.

අමෙරිකාවේ අතිශය සංවේදී ආයතන වන විදුලි සංදේශ ආයතන, ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක ආයතන රැසක් මෙම චීන හැකර්වරුන්ගේ ඉලක්කය වී ඇති බව බුද්ධි තොරතුරු තහවුරු කර ඇත.

නිෂ්චිතව කොපමණ අමෙරිකානු යටිතල පහසුකම් සපයන ආයතන සංඛ්‍යාවක් ඔවුන්ගේ ඉලක්ක වී ඇත්දැයි හෙළි වී නැත.