― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාසල් ප්‍රවාහන බස් රථ 65කට තහනම් නියෝග

පාසල් ප්‍රවාහන බස් රථ 65කට තහනම් නියෝග

පාසල් ප්‍රවාහන සේවාවට නුසුදුසු බස්රථ සහ වෑන්රථ සොයා ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නිලධාරීන් සහ අනුරාධපුර පොලිස් රථ වාහන අංශය නිලධාරීන් එක්ව අද පෙරවරුවේදී මෙහෙයුමක් දියත් කර තිබේ.

අනුරාධපුර නගරයේ පාසල් වලට පැමිණෙන දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳව සොයා බැලීමට අද දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහිදී ඇතැම් බස් රථවල සවි කර තිබූ එම බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන් ලෙස පැවති අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි.

එම පුද්ගලයින් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින දහ හතරක් ඇතුළතදී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

අද දිනයේදී මෙම නිලධාරීන් විසින් සියයකට ආසන්න බස් ර්ථ හා වෑන් රථ පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් බස්රථ 36ක් සඳහා සුළු වැරදි වෙනුවෙන් උපදෙස් ලබා ලබාදී තිබෙන අතර පාසල් දරුවන් ප්‍රවාහනයට නුසුදුසු තත්වයේ පැවති බස්රථ 65 ක් සඳහා තහනම් නියෝග ලබා දුන් බව අනුරාධපුර පොලිස් රථවාහන අංශ නිළධාරින් පවසයි.