27.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතමිල්නාඩු යාචකයාගෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

තමිල්නාඩු යාචකයාගෙන් ශ්‍රී ලංකාවට තවත් පරිත්‍යාගයක්

අර්බුදයෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කළ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩිහි යසකර් පූල්පාන්ඩි සිය අවසන් පරිත්‍යාගය තමිල්නාඩු මහ ඇමති අතට ලබාදී තිබේ.

ඒ අනුව ඔහු රුපියල් දසදහසක් පරිත්‍යාග කර ඇති අතර 75 හැවිරිදි පූල්පාන්ඩි තමිල්නාඩු රජයේ සහන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට පුරුදු වූ අයෙකි.

2010 වසරේ සිට පූල්පාන්ඩි තමිල්නාඩු රජයට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කර ඇත.

ඔහු සඳහන් කළේ තමා වයසින් වැඩි බැවින් කිසිවෙකුට අත නොපා සිටීමට අපේක්ෂා කරන බවයි. මීට පෙර පූල්පාන්ඩිට නිදහස් දිනය නිමිත්තෙන් ‘ප්‍රජා සේවක සම්මානය’ පිරිනමන ලදී.