28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවඩිවේල්ට එරෙහිව සජබෙන් විනය පියවර

වඩිවේල්ට එරෙහිව සජබෙන් විනය පියවර

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

ස්ජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ පියවර ගනු ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරමින් ඡන්දය භාවිත කළේය.

එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවට පැහැදිලි ස්ථාවරයක් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කර තිබියදී මෙලෙස මන්ත්‍රීවරයා හැසිරීම විනය විරෝධී කටයුත්තක් බවයි මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.