13.7 C
London
Friday, June 9, 2023

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව නවතයි

අද (26) දිනයේ සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

කොළඹ රාජකීය විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ඇගයීම් මධ්‍යස්ථාන රැසක මෙම තත්ත්වය උදා වී ඇති බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ. ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් 15,000 අත්තිකාරම් මුදල ලබානොදීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය රාජකාරිවල අදාළ ගෙවිය යුතු මුදල් තවමත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර නොමැති බව සඳහන් එම සංගමය, රුපියල් බිලියන 2.5ක මුදලක් ගුරුවරුන් සඳහා රජය විසින් ගෙවිය යුතු බවයි සිහිපත්කර සිටියේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දරගෙන් විමසා සිටියා. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟින් සඳහන් කළ සිටියේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට ලැබිය යුතු අත්තිකාරම් මුදල් අද (26) දිනය තුළ ගෙවීම සඳහා සියලුම කටයුතු මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවයි.

ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට විසින් ඊයේ (25) දිනයේ යොමුකර තිබූ වවුචර් පත්වල පැවති ඇතැම් අඩුපාඩුකම් මෙම ප්‍රමාදයට හේතුවක් වූ බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමන බවට තමන් වෙත කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමක් සිදු නොකළ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟ අදහස් දක්වමින් පැවසුවා.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබේ. අද (08) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර මේ වන...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට (09) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල්...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පෙම්වතා ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here