26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිධන් හෑරූ 04ක් පොලීසියට කොටු වෙයි

නිධන් හෑරූ 04ක් පොලීසියට කොටු වෙයි

මොනරාගල, වොල්වත්ත ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32, 46 හා 56 වියේ පසුවන අය බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් මහඔය, වත්තේගම, ගල්කිරියාගම, හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැටලීමේදී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සිව් දෙනා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.