25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldයෝධ සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

යෝධ සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව දක්වා ඇත්තේ.

ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවයි එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා ඇති අතර ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

එහෙයින් විශේෂඥයින් අනතුරු අඟවන්නේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවයි.