― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආනයනික බඩු මිල අඩුවන්නේ දැයි සොයා බලනවා

ආනයනික බඩු මිල අඩුවන්නේ දැයි සොයා බලනවා

ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදුවන්නේ දැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(28) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩොලර් ගැටළුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තා. කෘෂිකාර්මික ධීවර හා කාර්මික ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක නියැලෙන්නන්ගේ ඉල්ලීම්වලට අනුව මේ වනවිටත් ඇතැම් සීමාවන් ඉවත් කර තිබෙනවා. ආර්ථිකය ධනාත්මක දිශාවකට ගමන් කරන බැවින් විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි මහ බැංකුවේ නිර්නායකවලට අනුව තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරිම කෙරෙහි අවධානය යොමු කරනවා.