26.7 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාව දරපු වියදම් මුදල් ලංකාවෙන් ඉල්ලයි

ඉන්දියාව දරපු වියදම් මුදල් ලංකාවෙන් ඉල්ලයි

ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකාවල ගිනි නිවීම සදහා තම රජය වැය කළ ඉන්දීය රුපියල් මිලියන 890 ක මුදල ලබා දෙන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සදහා ඉන්දීය රජය ඉන්දීය රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සදහා ඉන්දීය රුපියල් මිලියන 490ක් ඉන්දීය රජය වැය කර තිබේ.

අදාල නෞකා දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා රජය එම නැව් අයත් සමාගම්වලින් ඉල්ලා ඇති වන්දි මුදල් ලැබුණු පසු ඉන්දීය රජයට ලැබිය යුතු අදාල මුදල් ගෙවන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.