29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුලී වාහන උකස් කෙරූ සැකකරුවන් සොයා විමර්ශන

කුලී වාහන උකස් කෙරූ සැකකරුවන් සොයා විමර්ශන

කුලී පදනම මත වාහන ලබාගෙන ඒවා උකස් කර වංචා කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන්ගෙන් එක් අයකු යුද හමුදා සෙබළකු වන අතර අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු බව පොලිසිය පවසයි.

ඔවුන් බදුල්ල ප්‍රදේශයට අයත් වන අතර බදුල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ව්‍යාපාරික කටයුතු සඳහා වාහන කුලියට ගෙන ඇත. යතුරුපැදි, ත්‍රී රෝද රථ, වෑන් රථ ආදී වාහන රැසක් මෙලෙස කුලියට ගෙන ඇති අතර වාහන හිමියන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ඔවුන් එම වාහන සඳහා මුල් මාස කිහිපයේ කුලී මුදල ගෙවා ඇත.

නමුත් මාස කිහිපයකට පසු ඔවුන් හදිසියේම වාහනවල කුලිය ගෙවීම නතර කර ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනද ක්‍රියා විරහිත කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි මත පොලිසිය පරීක්‍ෂණ පැවැත්වූ විට සැකකරුවන් කුලියට ගත් වාහන උකස්‌ තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.