28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ සොයුරාගේ කෝටියක් වටිනා මුද්ද සොරකම් කරලා

මෛත්‍රීගේ සොයුරාගේ කෝටියක් වටිනා මුද්ද සොරකම් කරලා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරාගේ රුපියල් කෝටියක් වටිනා නිල් මැණිකක් සහිත මුද්ද සොරකම් කර ඇතැයි පොලීසිය පවසයි.

එම මුදුවට අමතරව ඇමරිකානු ඩොලර් පන්දාහක් සහ ශ්‍රී ලංකා මුදල් රුපියල් ලක්ෂයක් ද සොරාගෙන ගොස් ඇති අතර මොහු සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ වාසය කරන ඔහුගේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සොරකම සිදුකර ඇති බවයි.