27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටේ යකා නැටූ චීනා ගැන අනාවරණයක්

ගුවන්තොටේ යකා නැටූ චීනා ගැන අනාවරණයක්

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා චීන රජය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම්දීම සිදු කළා.

මේ අතර අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් චීන ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නා.