25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldතුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

තුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

රිසෙප් තායිප් එර්ඩෝගන් තවත් වසර පහකට තුර්කියේ ජනාධිපවතිවයා ලෙස පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ලෙස වසර විස්සක කාලයක් තුර්කියේ බලය හෙබවූ ඔහු ඊයේ (29) පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් 52.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත් විය.

තවදුරටත් ඡන්ද ගණන් කරමින් පවතින අතර මේ දක්වා ලැබුණු ප්‍රතිඵල අනුව ඔහුට ජනාධිපති ධුරය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

69 හැවිරිදි රිසෙප් තායිප් එර්ඩෝගන් 2003 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතර 2014 වසරේ සිට ජනාධිපති ධුරයේ කටයුතු කරනු ලැබීය.