27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝඩිම් කාමරයක අභිරහස් මළ සිරුරක්

බෝඩිම් කාමරයක අභිරහස් මළ සිරුරක්

පානදුර නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පානදුර දකුණ පොලීසිය පවසයි.

පානදුර, වෑකඩ පහන්ගම ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුළිනුයි මෙම මළ සිරුවර හමු වී ඇත්තේ.

පොලීසිය පවසන්නේ මියගොස් සිටි පුද්ගලයා මෙම දෙමහල් නිවසේ ඉහළ මාලයේ කාමරයක් කුලීයට ගෙන නේවාසිකව සිට ඇති අතර අදාළ පුද්ගලයා සිටි කාමරයෙන් දැඩි දුඟදක් වහනය වන බවට ලද පැමිණිල්ලක් මත නිවස සෝදිසි කළ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිද පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.