28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ ඩෙංගු මරණ 24ක්

මේ වසරේ ඩෙංගු මරණ 24ක්

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරට තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ මැයි 28 වන දින දක්වා රෝගීන් 38000ක් ඉක්මවා වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පැවසුවේ.

වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් මාසයක් තුළ වාර්තා වන්නේ රෝගීන් 450 -500ක සංඛ්‍යාවක් බවත් මේ වසරේ සමාන කාල සීමාවල මාසයකට රෝගීන් 1000 – 1500 ක් පමණ වාර්තාවීම වසර 2017 වැනි ඩෙංගු අධි වසංගතයකට රට ගමන් කිරීමේ පෙර මග සලකුණු බවටයි වෛද්‍වරියය අනතුරු අඟවන්නේ.