― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldඑක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදයක් හටගෙන තිබේ.

උතුරු කොරියාව පසුගිය වසරේ පමණක් මිසයිල අත්හදා බැලීම් 100කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර මේ හේතුවෙන් දකුණු කොරියාව, ජපානය වැනි රටවල මුහුදු තීරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට දිගු දුර මිසයිල තාක්ෂණය භාවිතා කිරීම තහනම් කළේය.

මෙම තත්ත්වය තුළ ජපාන රජය වෙත හමුදා ඔත්තු බැලීමේ ප්‍රයත්නයක් ලෙස මිසයිල තාක්ෂණය යොදා ගනිමින් ප්‍රථම වරට චන්ද්‍රිකාවක් යැවීමට නියමිත බව උතුරු කොරියානු රජය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ තහනම කඩ කරමින් මිසයිල තාක්ෂණය භාවිත කිරීම තම රටට විශාල තර්ජනයක් බව ජපානය පවසා තිබේ. එබැවින් මෙම චන්ද්‍රිකාව හෝ අභ්‍යවකාශ සුන්බුන් තම රටේ භූමියට ඇතුළු වුවහොත් එය වෙඩි තබා බිම හෙළන ලෙස ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එරට හමුදාවට නියෝග කර තිබේ.